Kiyaganna Beri Unata Thibuna Senehasa Thawama Thiye Nuba Wenuwen Beduna Pem Hitha Ei Kiyadenna Pem Nokale Ahinsaka Mata Nuba Wenuwen Duk Widinawa

adarayath hariyata viduruwak wage thadin allagena hitiyo eka bidila apitamai thuwala wenne hemihita allagena hitiyoth lissala yanawa dannewath ne

Nethaka adaraya dakinnata sithehi adaraya modu wiya yuthui watunu mal pagamin awida yana uyanthera abiyasa nathara karannata wasanthaye maima adarayai

adareye unusuma laga duka denenne ne kelle eth oya man lagata apu dawasata gedara aga higa kam vedi vena kota e adaraye unusuma nethi vevida kelle?

Dura yanna sithuwata sagawi horen...oba nathuwa mama inne kohomada ithin....wenwanna bari kadulu awath nethin husmak durin inna mata ba ithin i love you madu

~~අකීකරු සිතුවිලි ~~


ඝන අදුරින් වැසුණු 
කළුවර අන්ධකාරය 
නෙත් අගක කදුළු 
බිදුවක හැඩය
කෙසේනම විදින්නද
ඒ කදුළට කොතරම්ම
පෙම්බැඳ ඒ ''අදුරු හීනයට''
හිතේ ඉඩ සෙව්වාද
මුළු ආත්මයම ස්පර්ශ
කරන්න තරම්
පුදුමාකාර වේදනාවක්
ගෙනත් දුන්න නුබේ
අකීකරු සිතුවිලි
මාගේ හදවත
නිරුවත් කලාද ,,
සබද මේ මටම
අකිකරු ලය
නොලැබෙනා බව දැනත්
විදවන්න තරම් ,,,,,,
හද ගැහෙන රිද්මය
නුබට නොඇසුනේ
නුබේ ඇති චපල
සිත නිසාමද ?,,
කිසිත් නිමාවක් නැති
''අදුරු හිනයක ''
මතක සටහන්
හැමදාම මසිතට
ගෙන එන්නේ
නොමියන සදාතනික
වේදනාවක්ම පමණි ,,,




~~ඔබ මගේ ~~



නින්ද නැහැ රාත්‍රියේ
සිහින නැහැ පාළුවේ
හිත සොයයි නුබේ සුවද
සුසුම් වැල් ඉකිබිදි යාමයේ 
පෙරදිනක මතකයි එදා
ආදරෙන් වේලුනා අපි
උණුසුමට ගුලි උනා
හැගුමන් පිපිදුනා
රහසින්ම ඔබ මගේ වී
හැමදාම ඔබ මගේම
වෙන්න පැතුම් පැතුවා
දෙනුවන් හඩවා සිත හැරදා
හැමදා මා තනි කළා මා සසරේ


~~නොමළ සිත ~~

~~නොමළ සිත ~~

හිරු අවරට ගිහින්
දැවෙමින් දැවෙමින්
රත් උණු කෘර රුධිර
පිපාසිත වෘකයින් 
එළිබසින සඳ සිනිදු
මෘදු සිතැත්ති රතු
පලසේ මග හොයන්නි
සරුව පිත්තල ලය මත
එබිකම් කරයි වන මෘගයින්
නුරා මතින් සොයයි
අනිසි සුව සල්ලාලයින්
දැවෙන්නිය හැඩන්නිය
සාප කරන්නීය ,,,
ආත්මයම විනාවක් වී
සොයන්නිය මං ,,
පාපකාරී කහවනු වලට
සලෙලුන්ගේ පාපී
දෙයත් මත වෙන්දේසි
උන මෘදු සිතැත්තිය
නොදනී ලොවම
ගත්තත් මිලයට නුබේ
වත කමල නොහැකි
ගන්නට නොමළ සිත
රැගෙන ආවත් සියක්
කහවණු නුබේ බරටම


~~~අම්මා~~~






ලිප් බොක්කේ උණුහුමට
සමවැදී මගේ අම්මා
අහස උසට පොදි බැදන්
ගිනි පිබියි හුස්මකට

විසිරෙන්න ඉඩ නොදී
එකතු කර ගිනි පොකුර
දරුවන්ගේ මග සෙව්වා
තුරුලටම ගෙන අපිව

අපිට පැණි රස පොවා
කහට කෝප්පය බිව්වා
මට මතකයි මගේ අම්මේ
නුබ හෙලුවා දුක් කදුළු


හිනනහෙද්දී අපි සැවොම
ගෙට ගෙනාව නුබේ හිනාව
මතකයට ගෙන ආවා
දුර හිටියත් නුබේ දුවට

සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ
නුබ දුන්න සෙනෙහසට මට දෙන්න
මගේ පැතුම් ගෙන දෙන්නේ
හිනැහෙන්න හැමදාම මගේ අම්මේ ,,

~~~වරම් නැහැ~~

නුඹ දුන්නු සෙනෙහසට
ලෝභ වෙච්ච සිත්මලම
දුක් දෙන්න හිතුවේ නෑ
හීනෙන්වත් මං නුඹට
ජීවිතේ පුරාවට ගෙතුණු
දුක්ගිණි කන්ද 
සඟවාන හිනැහුණේ
ළඟ ඉන්න හැමදාම 
රහසින්වත් හඬවන්න 
හිතුවේ නෑ කිසිදාක
ඒ තරම් පෙම් කෙරුවා
මං නුඹට හැමදාම
ආදරෙන් ළඟ ඉන්න
වරම් නෑ කිසිදාක
පවු කෙරුව හිත් කොණින්
මම හැඬුවා හැමදාම......

~~කිළිටි හද~~




රතු පාට
පිවිතුරුම
ගැහෙන
හද,පන
අදින
සුසුම්
අතට
ගෙන
සිතුවෙමි
දෙයක්
නුබ
දුන්න
කිළිටි
හදට
මේතරම්ම
ආදරේ
~ඇයි මම්~

~~~චපල සිත~~~

කිටි කිටියේ හිර වෙන්න ...
තද කරන් ළය මඩල ...
සඟවන්න ඔබේ තුරුලේ ....
සැතපුණේ නැහැනේ මං ...

හිනැහෙන්න බැරි උනත් ...
නුඹ ලඟට ලං කරන් ..
උණු කඳුළු හිර කරන් ...
පියමැන්නේ නුඹ එක්ක නේද මං ...


සනසන්න නුඹේ සිතම ...
පෙරදාක නුඹ සෙව්ව ...
කවිකාර මගේ හිතම ...
තනි වෙලා නේද දැන් ...

පෙරදාක ළඟ සිටිය ...
හැමදාම සිත හැදුව ...
ආදරෙයි මට කිව්ව ..
චපල සිත අන්සතුයි නේද දැන් .

~~තනිකම~~



අදුරු අහසේ
රැදුනු සිතුවම්
සිත්තම් කරනු
බිදුනු පදවැල්
තනි තරුවක
කදුලු මුතුවැල්
වැටෙන සද
කෙසේ දරන්නද
තනිකමට සාප
කර,,මියැදෙන්න
ඉඩ දෙන්න,,,අදුරු
හිතටම පෙම් බැද,,

~~~~මියැදීම~~~~~



කීරී ගැහැයෙමින්
වෙව්ලමින් සිතුම්
රූරා හෙළන කදුලු
ලය පතුල දෙදරමින්
හදවතම කලබවා,,,
සුසුම් හෙලනා,,,,,
අන්ධකාරය,,,,සොදුරු
හීනය මරා දමන්නට
හිත්මලම තලා,,
පොඩිකර කෑලි කෑලි
කර සුනුවිසිනු වී ගිය
අදුරු හීනය පාපකාරි
දෙනුවන් තුලම
මියැදෙන්නට,,,
මටම සාප කරමි,,
ආදරයම සාපයක්නම්
ආත්මයම වේදනාවක්නම්
ඒ සාපයට,වේදනාවට
මරණය සදාතනික
,,,,,සතුටම වන්නේය,,,,,

~~සිතුවිල්ල~~~


රිදුනු සිත
මලකි මට
සුළග නුබ
සුසුම් මට
කදුල නෙතු
තුලට රින්ගා
රුහිරු ලය
මත කිදා බැස
රතු පාටින්
ගෙත්තම් කරමි
රිදුම් දෙන
වදන් වැල්
උලුප්පා නෙතින්
දිගුහරිමි මළාණික
සුසුම් තුල,,,,
අදුරු වූ
~~~සොදුරු හීනය~~~
 

~~~වස්සානය ගිලිහිලා~~~


පාලුයි මූසලයි
ක්ශිතිජයම
කලුවරයී,,ඔබ
නොයෙන බව
දැනත් මගෙ
සිත ඔබ ලගයි,,,
වස්සානය ගිලිහිලා
අදුරු අහස රලු වෙලා
රළ දියබ දෙස බලා
වෙරළ කොනෙ හිද
සසර සයුරෙ මා
තනි වෙලා,,,,
පුරන්නට පැතුම්
නැත,,හිතන්නට
සිතුම් නැත,,,විදින්නට
පපුව තුල ,,ඔබ දුන්නු
දුකක් ඇත,,,,,ආත්මය
බිම දමා පාගා දෙපයින්
අසන්නට දෙයක් ඇත,,
~~මදි උනිද සෙනෙහස~~
පිවිතුරු සිත් මලින්,,,,,,,,,

~~මතකය~~



මාරුතයක
ගසාගෙන
ආ වරාමලක
සුසිනිදු සුසුම්
වැල්,,විසිරුනි
දසත වියළිලා
ගිලිහුනු උනුසුමක
මතක මල්
පිබිදිලා කදුලින්ම
ඔච්චම් කරයි
මා හැගුම් වැලපිලා
හිනහෙන්න
වරම් නැත,,
හදවතට කිමිදිලා,,,,,,
සදවතට කන් දෙන්න
තරු කුමරු නෑ
හිනහිලා,,,,,,,,,
හිරුට පෙම් බැද
තුන් හිතම අළුවෙලා

~~හසරැල්ල~~

හිතට දැනෙනා සිතුවිලි
නෙතට ගලනා කදුලැලි
ලයට දැනෙනා සුසුම්වැල්
ඔබට නොදැනේ කිමද,,
දෙවියනි,,,,,,,

සෝ සුසුම් ලන් උනා
නෙතු කදුලු වැඩිඋනා
හීනමල්පෙති පර උනා
හසරැල්ල වියකුනා,,,

ලොවම මා දෙස බලා
හිනහුනා මා තනිඋනා
දින්නට දෙයක් නැත
විදින්නට දෙයක් ඇත,,,
මලක් වන්නට පෙරුම්
පිරූ මා හසරැල්ල නිසාම
වියකුනා වැනසුනා,,,
~~~~දෙවියනී~~~~

රහසක්

හිනා මල් ගොඩයි
රහස් රස විලයි
මා සිතුම් මල් පිපි
සිත් යායට සරු හැඩයි

මලක් වී මා සිතේ
පිපෙන්න නුබ සිතයි
මලට බර නැති
පිනිබිදුව නුබ හැඩයි,,

කොදුරන්න රහසක් හිමින්
අහන්නම් ලග නැතත්
විදින්නම් සෙනෙහසින්

~~නුබේ ආදරය අහසමෙන්~~

~~සිත~~




හෙමි හිමිට සිත නිවුනා...
දුරක් ගෙවා ආ මග දුටුවා..
සසර කතර නැවතීම සොයා.... 
දහම් සයුරේ අම නිවන් පතා....

යශෝදරා හෝ විශාකා නොවේ මං..
ප්‍රජාපතිය බුදු බණ සිත නිවුනා...
ලොවේ සියල් කෙලෙස් විනා දැක නැත....
සොයයි මා සිත දහම් අමා සුව...

කලකිරීම් දුක් දොම්නස් කොහේ ගියා..
සතුට සැනසුම සදාතනික පහන් සිලකි...
මෙතෙක් ලැබූ අපමන දුක්...
නුවුනා සැනසීම ලංවුනා... සදාකාලික සැනසීම ලං වුනා..