Missing love

 සිහිනෙන් මා දුටු මායාව නුඹදෝ

හෙමින් ඇවිත් මා සැනසූ

ඒ සිතුවිලි වල මා හිර කල

බාදුරා මල නුඹ ම නොවෙදෝ


ගිම්හාන සෘතුවේ පවන් සිලකි

ඈතින් හමා එන සිත සනසනා

මිරිගුවක් දෝ හැගෙයි සිත රැවටෙනා

නමුදු අවැසි සඳයි නුඹ මට ගිම් නිවනා


මොහොතක් හිස තියන්නට 

නුඹෙ ඔය ගැහෙන පපු උර මත

හිස අතගා දැවෙන හිත සැනසෙන්න

ආත්මයම සුවපත් වේවි ස්නේහයෙන්..


0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...