සිහිනෙන් මා දුටු මායාව නුඹදෝ
හෙමින් ඇවිත් මා සැනසූ
ඒ සිතුවිලි වල මා හිර කල
බාදුරා මල නුඹ ම නොවෙදෝ
ගිම්හාන සෘතුවේ පවන් සිලකි
ඈතින් හමා එන සිත සනසනා
මිරිගුවක් දෝ හැගෙයි සිත රැවටෙනා
නමුදු අවැසි සඳයි නුඹ මට ගිම් නිවනා
මොහොතක් හිස තියන්නට
නුඹෙ ඔය ගැහෙන පපු උර මත
හිස අතගා දැවෙන හිත සැනසෙන්න
ආත්මයම සුවපත් වේවි ස්නේහයෙන්..








ඔබ සෑහෙන කලෙකින් ලියලා. අපි ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩිකෙටරයේ "කැඩපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ "සඳකඩපහන සින්ඩිය" මෙරට බ්ලොග් ක්ෂේත්රයේ වඩාත්ම පුළුල්ව පැතුරුණු සින්ඩියයි!
ReplyDeleteඅපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්රචාරණයක් ලබා දෙන්නේනම් බෙහෙවින්ම ස්තූති වන්ත වන්නෙමු!