~~හිරු සඳු~~

හිරු එයාලු
සඳු මමලු
නොතේරෙන්න
හරි කියපු දේ 
වැටහුනේ
නුබ ,,,,,,,,,
මා තනිකර
ගියදාමයි ,,
මන්ද
හිරු සඳු
එකවැර
නොපායන
අහස් කුසක
කෙසේනම්
අපි කැදැල්ලක්
හදන්නද?,,,,,
එකම අහස යට
කිසිදා හමුනොවන
අපි ,,,,,,,,,,,,,
හිරු සඳුම
වන්නෙමු,,,,,,,,,

0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...