~~බිඳුණු පෙම ~~

 හිනහෙන්න බැහැ මට 
සගවා නෙතු කදුළු 
නුබ දුන්නු සෙනෙහසට 
ගලපන්න බැහැ අකුරු 

හඬවා සිතුම් වැල් 
දුක් දුන්නේ පෙරසේම 
දැනදැනත් විදින දුක් 
නොදැනෙන්නේ කීම සබඳ 

ලොවම හිනැහෙනු බලා 
සොවින් පිරි හද තලා 
පැතුම් මාලිගා බිද දමා 
නුබ ගියේ හිනැහිලා 

සංසාර පුරුද්දට 
එක්වුණේ පින් නිසා 
වෙන් වුනේ පුරුදු ලෙස 
දුකම මට හිමි නිසා....




1 comment:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...