~~මගේ පනගේ ආදර හසුන්පත ~~



ඩී.ජේ බුලත්විට & වස්තු ( ආත්මීය අදරයක් )  

ආදරණිය වස්තුව , මගේ බෙන්ස් කාර් එක ,,

ඔයා මගේ හයි ලක්ෂරි කාර් එක ...
ඔයා දැක්ක දවසේ ඉඳන් මගේ හදවත වී සික්ස් එන්ජිමක් වගේ හරිම වේගවත් වස්තු ...
ඔයා නැති පාළුව ගොඩක් දැනෙනවා මට ... එත් මොනවා කරන්නද වාහන හදන රස්සාව නොකර ප්ලයිට් හදන්න දැනගෙන හිටියනම් එකක් හදන එනවා ඉගිලිලා ..
මගේ වස්තු හොඳින් නේද පන .. ඔයාගේ දකුණු කකුලේ සස්පෙන්ෂන් වල අවුල හරිද සුදු ... බෙහෙත් ගත්තද ...
මගෙත් වම අතේ වැලමිට ළඟ බෝල් ජොයින්ට් වල පින් ගහන්න වෙයි ළඟදීම වේදනාවයි මැණික .. බෙහෙත් ගන්නවත් වෙලාවක් නෑ මේ වැඩ නිසා ...
මගේ ජිවිතේ ඔය නැතුව අබලන් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් වගේ ... හරිම හිමින් තමා ගෙවෙන්නේ ...
ඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝ ...
අපේ ආදරේ ගොඩක් සංකීර්නයි හරියට එන්ජිමක් වගේ .. මේ දුක් විඳින්නේ අපි දෙන්න වෙනුවෙන් මැණික එක තැනකට වෙලා ආදරෙන් ඉන්න
ඒ නිස වැඩිය කතා කරන්න වෙන්නේ නෑ ... මේ ම්නුස්පයන්ගේ වාහන මුන්ගේ ගෙවල් වලට වඩා තියෙන්නේ රෙපයාර් සෙන්ටර් වල ...
අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේ ... මම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්
අපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්න ....
මම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලා ... පාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේ ....
ඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලා ...
ආදරෙයි වස්තුවේ පනටත් වඩා ...
මේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන් ... බොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේ ...
අපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලා ...
මෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනු .. ඔය මොන තරම් ලස්සන උනත් මගේ අහිංසක මැණික් කැටේට විතරයි මේ නපුර ආදරේ ...
මාත් එක්ක තරහ වෙලා ඉද්දි මගේ හදවත් පිච්චෙනවා වස්තු හරියට ස්පාර්ක් ප්ලග් වලට වදින හයි ටෙන්ෂන් ස්පාර්ක් එකක් වගේ ....
එහෙනම් මම නවතින්නම් රත්තරන් .... වෙලාවට කන්න බොන්න මැණික .. පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...
අපි ඉක්මනට අපේ වෙමු සුදු .. මෙහෙම ඉන්න බෑ ඔයා නැතුව ...

තරුනෙතු හැඬුවා මේ රාත්‍රියේ
සිත නිදි නැහැ මැදියම් රයේ
සිහිනයි ගෙන එන්නේ මා ප්‍රියේ
ඔබමයි මා සෙනෙහෙ සත්තයි ලියේ

ඔය දඟකාර නෙතු දැහැනේ
සිත රැදුනා හිත් ගත් සඳේ
මගේ පුංචි නිවහනේ ,,,,
ඔබමයි මිණි පහන සොඳුරු ළදේ,,,

ආදරෙයි මගේ සුදු නෝනට මගේ ආත්මයෙන්ම ...
දළදා සමිඳු පිහිටයි ! ...
ජේසු පිහිටයි ..

මීට ඔයාගේ ආදර
ඩි.ජේ බුලත්විට ( ආත්මීය ආදරේ )

=======================================

වස්තු  

මගේ සුකිරි හපයට ආදරෙන් ,,,

මගේ මැණික ඔයාට කොහොමද රත්තරන් .ඔයාගේ එන්ජින් සුත්තර පෙම් හසුන ලැබුනා.මම දන්නවා පන ඔයා මම ගැන ගොඩාක් වද වෙනවා කියලා.මම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත් .හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේ .හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.ගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.
ඔයා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැන .අපේ ආදරය ගැන .ඔයා මට හමුඋන දවසේ ඉදන් ඔයා මාව සතුටෙන් තියන්න කොයිතරම් උත්සහ කරනවද.ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයි. මගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.
මේ සිතල සන්ද්‍යාවේ
නුබේ සුවදයි ගෙන ආවේ
මිහිරි හැඟුමන් පිබිදෙන්නේ
මගේ සුසුමන් වියකෙන්නේ

මගේ හිත මටම හිතා ගන්න බැහැ රත්තරන් ඇයි මම ඔයාට මෙතරම් ආදරේ කරන්නේ කියලා .මම දන්නවා මැණික මේ තරම් ඔයා දුක් විදින්නේ අපි දෙන්නා වෙනුවෙන් කියලා,අපේ අනාගතය වෙනුවෙන් කියලා.ඔයාගේ ඔය රත්තරන් අත් දෙකට උම්මා ගොඩාරියක් දෙන්නම් මම ඔයා ආවම නිවාඩුවට හුදේ.අහන්නකො ,
අපේ අප්පච්චි ඇහුවා ඔයා කවද්ද නිවාඩු එන්නේ කියලා.මේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.අප්ප්‍රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලු.ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්න.වෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.ආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්න,,හපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරද.එහා ගමේ පුංචි අත්තා නැති උනා.දානෙ දා නෑදෑයෝ ඔක්කොම කිවේ කෙල්ල දැන් හැඩ වෙලානේ කියලා.ඔයාගේ පුංචි දෝනි ඔයා එනකම්ම බලාගෙන ඉන්නේ ආසාවෙන්.උම්මා කැටේ අහන්නකො ,අර ඔයා කිව්ව කෙල්ලෝ දිහා බලන්න එපා.මම දන්නවා එහෙම නැහැ කියලා,එත් ඒ කෙල්ලෝ විශ්වාස නැහැනේ මැණික.මම ප්‍රර්ථනා කරන්නේ මම ඇරෙන්න දකින හැම කෙල්ලෙක්ම රිලව් ගෙම්බෝ බකමුනු වෙලා පෙන්න ඕන ඔයාට.ඔව් සත්තමයි.ඒ තරම් ඔයාගේ ඔය හිතට මම පිස්සියක් වෙලා මැණික.ඔයාගේ තුරුලට වෙලා හුරතල් වෙන්න තව වැඩි දවසක් නැහැ මැණික.ඔයාගේ මුළු ආත්මයටම වැදිලා ඒ ආත්මීය සුවඳ විදින්න මම මහා ලොකු පිනක් කරලා තියනවා රත්තරන්,මට මගේ ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරන්නයි ඕන,ඒ සුවඳ විදින්නයි ඕන,ඒ උණුසුම ගුලි වෙලා මගේ හිත පහන් කර ගන්නයි ඕන,මගේ මැණික මම එහෙනම් නවතින්නම්.පරිස්සමෙන් වැඩ කරන්න,

මගේ රත්තරන්ට සියලු දෙවියන්ගේ පිහිටයි.
තෙරුවන්සරණයි පැටියෝ,,,උම්ම්මා ගොඩායි,,,,ආදරෙයි ගොඩාක්,   


2 comments:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...