~~හිමිදිරිය ~~



හිමිදිරියේ කිචිබිචියේ
නද දෙන සියොතුන්ට
මිහිදුම් අඳුර වියකෙන්න
හිරු කුමරු හනික එන්න 

වන වදුලේ තුරුලතා
පිනිබිඳු ගෙන එතෙන
දසත විසිරෙන්නේ
කෝපි මල් සුවදැමැයි ,

සියල් සිත් පහන් වී
මෙත් සිසිල් උදාවී
ලොව දනා හිනා වී
අලුත් දිනකර හිනා වේ ,,,,


0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...