~~~ආදරෙයිද මං තාමත් ~~




අඳුරු නිමේෂයක
මොහොතකට
ගෙන දුන්න 
අකීකරු රාස්සිගේ
දගකාර හෙවනැල්ල
පරයාම මම සෙව්ව
මගේම නොවන
මගේම අඳුර නුබ
හදවතම නලියන්න
පෙම්කවක කටුක
සෙවනැළිම ගිලන්
වූ කය තුලම ඔච්චම්
කරයි පාරන්න මුළු හදම ,,,
ගෙවුණු පෙම් කවිය මත
ගොතන්නට බිඳුණු පදවැල්
සිතෙන්නේ මන්ද මට
හිත අසයි ''ආදරෙයිද මම තාමත් ''
අඳුරු වූ බිඳුණු සිහිනයටම ,,,,,,


 —

1 comment:

  1. ''ආදරෙයිද මම තාමත් ''
    අඳුරු වූ බිඳුණු සිහිනයටම ,,,,,, 😢

    ReplyDelete

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...