~~නොමළ සිත ~~

~~නොමළ සිත ~~

හිරු අවරට ගිහින්
දැවෙමින් දැවෙමින්
රත් උණු කෘර රුධිර
පිපාසිත වෘකයින් 
එළිබසින සඳ සිනිදු
මෘදු සිතැත්ති රතු
පලසේ මග හොයන්නි
සරුව පිත්තල ලය මත
එබිකම් කරයි වන මෘගයින්
නුරා මතින් සොයයි
අනිසි සුව සල්ලාලයින්
දැවෙන්නිය හැඩන්නිය
සාප කරන්නීය ,,,
ආත්මයම විනාවක් වී
සොයන්නිය මං ,,
පාපකාරී කහවනු වලට
සලෙලුන්ගේ පාපී
දෙයත් මත වෙන්දේසි
උන මෘදු සිතැත්තිය
නොදනී ලොවම
ගත්තත් මිලයට නුබේ
වත කමල නොහැකි
ගන්නට නොමළ සිත
රැගෙන ආවත් සියක්
කහවණු නුබේ බරටම


6 comments:

  1. ලස්සන නිසදේස් ගොඩක් තියෙනවා
    තව ලස්සන ලස්සන නිසදෙස් දලා හොදට මෙක කරගෙන යන්න..
    GD Luck...............

    ReplyDelete
  2. ඔයාට ගොඩාක් ස්තුති,,,

    ReplyDelete

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...