~~~වරම් නැහැ~~

නුඹ දුන්නු සෙනෙහසට
ලෝභ වෙච්ච සිත්මලම
දුක් දෙන්න හිතුවේ නෑ
හීනෙන්වත් මං නුඹට
ජීවිතේ පුරාවට ගෙතුණු
දුක්ගිණි කන්ද 
සඟවාන හිනැහුණේ
ළඟ ඉන්න හැමදාම 
රහසින්වත් හඬවන්න 
හිතුවේ නෑ කිසිදාක
ඒ තරම් පෙම් කෙරුවා
මං නුඹට හැමදාම
ආදරෙන් ළඟ ඉන්න
වරම් නෑ කිසිදාක
පවු කෙරුව හිත් කොණින්
මම හැඬුවා හැමදාම......

0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...