~~~චපල සිත~~~

කිටි කිටියේ හිර වෙන්න ...
තද කරන් ළය මඩල ...
සඟවන්න ඔබේ තුරුලේ ....
සැතපුණේ නැහැනේ මං ...

හිනැහෙන්න බැරි උනත් ...
නුඹ ලඟට ලං කරන් ..
උණු කඳුළු හිර කරන් ...
පියමැන්නේ නුඹ එක්ක නේද මං ...


සනසන්න නුඹේ සිතම ...
පෙරදාක නුඹ සෙව්ව ...
කවිකාර මගේ හිතම ...
තනි වෙලා නේද දැන් ...

පෙරදාක ළඟ සිටිය ...
හැමදාම සිත හැදුව ...
ආදරෙයි මට කිව්ව ..
චපල සිත අන්සතුයි නේද දැන් .

0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...