~~~අම්මා~~~






ලිප් බොක්කේ උණුහුමට
සමවැදී මගේ අම්මා
අහස උසට පොදි බැදන්
ගිනි පිබියි හුස්මකට

විසිරෙන්න ඉඩ නොදී
එකතු කර ගිනි පොකුර
දරුවන්ගේ මග සෙව්වා
තුරුලටම ගෙන අපිව

අපිට පැණි රස පොවා
කහට කෝප්පය බිව්වා
මට මතකයි මගේ අම්මේ
නුබ හෙලුවා දුක් කදුළු


හිනනහෙද්දී අපි සැවොම
ගෙට ගෙනාව නුබේ හිනාව
මතකයට ගෙන ආවා
දුර හිටියත් නුබේ දුවට

සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ
නුබ දුන්න සෙනෙහසට මට දෙන්න
මගේ පැතුම් ගෙන දෙන්නේ
හිනැහෙන්න හැමදාම මගේ අම්මේ ,,

3 comments:

  1. නියමයි අක්කෙ

    ReplyDelete
  2. ඒක ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  3. Slot Machines & Video Poker - DrmCD
    Free slot 충청남도 출장샵 machines 거제 출장안마 and video poker video poker 진주 출장안마 videos and downloads on DrmCD. Video poker video poker videos 청주 출장마사지 and downloads for free, all 부산광역 출장샵 without registration.

    ReplyDelete

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...